කෘතීම බුද්ධි හේමන්තය...
කෘතීම බුද්ධියේ ආරම්භය ... මිනිසාගේ බුද්ධියට සමාන හෝ මිනිස් බුද්ධිය ඉක්මවා යන පරිගණක කෘතීම බුද්ධියක් නිර්මාණය කිරීමේ අභියෝගය පරිගණක විද්‍යාඥයින් බාර ගත්තේ අද ඊයෙක නොවේ.කෘතීම බුද්ධිය නිර්මාණය කිරීම සම්බන්ධ පර්යේෂණ 1940 දක්වා අතීතයට දිව යයි.මේ සම්බන්ධව උනන්දුවක් දැක්වූවන් අතර ඇලන් ටියුරින් සහ වොන් නියුමාන් විය.ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වූයේ "යන්ත්‍රවලට සිතන්න පුළුවන්ද?" 1955 දී ආතර් සැමුවෙල් විසින් හොඳින් ක්‍රීඩා කළ හැකි වැඩසටහනක් ලිවීය. ඒ සඳහා ඔහු භාවිතා කල ඇල්ගොරිතමය “තාවකාලික-වෙනස ඉගෙනීම” යනුවෙන් හැදින්වූ අතර එහිදී මුලින් ගණනය කළ ලකුණු හා සෙවීම අවසන් වූ පසු ලකුණු අතර ඇති “දෝෂය” භාවිතා කරමින් වැඩසටහන සකස් කරනු ලැබේ. 1954 දී තවත් සාර්ථක පර්යේෂණයක් ක්‍රියාත්මක විය.එහිදී සිදු කලේ වචන 250 ක් සහිත ඉංග්‍රීසි ජේදයක් රුසියන් බසට පරිවර්තනය කිරීමයි.මේ සඳහා පරිවර්තන හැකියාව සහිත වැඩසටහනක් ධාවනය වූ යන්ත්‍රයක් භාවිතා කරන ලදී.මෙහිදී වැරදි ඉතා අවම තත්වයක තබා ගනිමින් ඉංග්‍රීසි බසින් වූ පෙළ සාර්ථකව රුසියන් බසට පරිවර්තනය කිරීමට හැකි විය.මේ පර්යේෂණය සර්ථක වීමත් සමග කෘතීම බුද්ධිය සහිත...